දින 74ක පුරප්පාඩුවක් එක්ක උසස් පෙළ පැවැත්වීමට එරෙහිව සිසුවෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන් ව නොමැති බවත්; විභාගය පැවැත්වීම සඳහා දින නියම කෙරුණ ද; එය අසාධාරණ බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් අද (01) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාර කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික පාසල් වාර සටහන අනුව 2023 අධ්‍යාපන වර්ෂයට අදාළව දින 198ක් පාසල් පවත්වා ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අනුව සාමාන්‍ය පාසල් වර්ෂයක දින 210 ක් පැවැත්විය යුතු වුවත් ඒ අනුව 2023 වර්ෂයේ අඩුවක් ඇති බවත් නිරීක්ෂණය වන බවයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ.

එබැවින් 2024 වර්ෂයේ දින පුරප්පාඩුවක් ඇති බවත් සමස්තයක් වශයෙන් දින 74ක පුරප්පාඩුවක් පවතිද්දී අධ්‍යාපන අමාත්‍යාංශය තනි මතයට තීන්දු තීරණ ගන්නා බව ද පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරනවා.

මෙම පැමිණිල්ල පාසල් ශිෂ්‍යයෙකු විසිනුයි ගොනු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1k
+1
44
+1
144
+1
28
+1
344
+1
16
+1
77
Subscribe
Notify of
204 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?