දින 286ක කාලයක් අභ්‍යවකාශයේ සිර වී සිටි ගගනගාමීන් යළිත් පෘථිවියට

දින 286ක කාලයක් අභ්‍යවකාශයේ සිර වී සිටි සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණ තිබෙනවා.

අද (19) අලුයම 3.30ට පමණ ඔවුන් රැගත් ස්පේස් එක්ස් හි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානාව පැය 17ක මෙහෙයුමකින් අනතුරුව සාර්ථක ව පෘථිවියට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පසුගිය වසරේ ජුනි 5 වන දින බෝයිං ස්ටාර්ලයිනර් යානයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර කළා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ලබාදෙනු ලැබූ දින 08ක කාලයක් ගත වන මෙහෙයුමක් මාස 09ක පමණ කාලයක් සිදු කිරීමට සිදු වීමෙන් පසුව මොවුන් දෙදෙනා යළිත් මෙලොවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ සාගරයට ඇදවැටීමට පෙර අභ්‍යවකාශ කැප්සියුලය මගින් එහි පැරෂුටය හරහා ගගනගාමීන් දෙදෙනා නාසා හි නික් හේග් සහ රොස්කොස්මොස් ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් සමග සිය මෙහෙයුම අතිසාර්ථක ව අවසන් කළා.

මෙම ගගනගාමීන් හට නියමිත කාලයට මෙහෙයුම අවසන් කර යළි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ඒමට නොහැකි වූයේ ඔවුන් රැගත් යානාවේ ඇති වූ කාර්මික දෝෂ හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58