ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිලිබිත් ප්‍රදේශයේ දී කාන්තාවක් තම නිවසේ සිටියදී කඩා වැදුණු කොටියෙකු ඇයව ගෙලෙන් ඇදගෙන ගොස්, මරා දමා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, 45 හැවිරිදි කාන්තාවක් මෙම කොටි ප්‍රහාරයට ලක් ව තිබෙනවා.
පසුගිය දින 22ක කාලය තුළ එම ප්‍රදේශයේ සිදු වූ තෙවැනි මාරාන්තික කොටි ප්‍රහාරය මෙය බවයි ප්‍රාන්ත වනජීවී නිලධාරීන් පවසා ඇත්තේ.
කෙසේවෙතත් මරා දැමුණු කාන්තාවගේ සිරුර සොයාගැනීමට පොලිස් විමර්ශන දැඩි කෙරුණු අතර නිවසට මීටර් 600ක් පමණ දුරින් පිහිටි උක් වගාවක තිබී ඇයගේ මළසිරුර හසාරා පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
මෙම ගම්මානය පිලිබිත් දිස්ත්‍රික් මූලස්ථානයේ සිට කිලෝමීටර 80 ක් පමණ දුරින් පිහිටි සම්පූර්ණයෙන් ම වනාන්තර කලාපයේ කොටසක්.
පසුගිය මාසයක කාලය තුළ කොටියා අවට සැරිසරමින් සිටින බව ගම්වාසීන් පැවසූ නමුත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව එතරම් සිදුවීම ගැන තැකීමක් සිදු කර නැහැ.
මේ අතර, මධ්‍ය ප්‍රදේශ්හි බර්වානි දිස්ත්‍රික්කයේ මෑතක දී හඳුනා නොගත් සතෙකු විසින් සපා කෑ පුද්ගලයින් හය දෙනෙකුගේ මරණය ගැන ද තවමත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.
තවමත් හඳුනා නොගත් සත්ත්වයාට ජලභීතිකා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කරනවා.
නමුත් එය නිශ්චිතව ම තහවුරු කිරීමට; මියගිය පිරිසගේ ශරීර කොටස් පරීක්ෂා කර එවන රසායනාගාර වාර්තාවෙන් සිදු කළ යුතු බව ද බලධාරීන් සඳහන් කර සිටිනවා.





