දින 22ක් තුළ කොටි ප්‍රහාරයට ලක් වූ තෙවැනියාත් වාර්තා වෙයි – අද්භූත සත්ත්ව ප්‍රහාරය තවමත් අබිරහසක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිලිබිත් ප්‍රදේශයේ දී කාන්තාවක් තම නිවසේ සිටියදී කඩා වැදුණු කොටියෙකු ඇයව ගෙලෙන් ඇදගෙන ගොස්, මරා දමා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, 45 හැවිරිදි කාන්තාවක් මෙම කොටි ප්‍රහාරයට ලක් ව තිබෙනවා.

පසුගිය දින 22ක කාලය තුළ එම ප්‍රදේශයේ සිදු වූ තෙවැනි මාරාන්තික කොටි ප්‍රහාරය මෙය බවයි ප්‍රාන්ත වනජීවී නිලධාරීන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් මරා දැමුණු කාන්තාවගේ සිරුර සොයාගැනීමට පොලිස් විමර්ශන දැඩි කෙරුණු අතර නිවසට මීටර් 600ක් පමණ දුරින් පිහිටි උක් වගාවක තිබී ඇයගේ මළසිරුර හසාරා පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙම ගම්මානය පිලිබිත් දිස්ත්‍රික් මූලස්ථානයේ සිට කිලෝමීටර 80 ක් පමණ දුරින් පිහිටි සම්පූර්ණයෙන් ම වනාන්තර කලාපයේ කොටසක්.

පසුගිය මාසයක කාලය තුළ කොටියා අවට සැරිසරමින් සිටින බව ගම්වාසීන් පැවසූ නමුත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව එතරම් සිදුවීම ගැන තැකීමක් සිදු කර නැහැ.

මේ අතර, මධ්‍ය ප්‍රදේශ්හි බර්වානි දිස්ත්‍රික්කයේ මෑතක දී හඳුනා නොගත් සතෙකු විසින් සපා කෑ පුද්ගලයින් හය දෙනෙකුගේ මරණය ගැන ද තවමත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

තවමත් හඳුනා නොගත් සත්ත්වයාට ජලභීතිකා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කරනවා.

නමුත් එය නිශ්චිතව ම තහවුරු කිරීමට; මියගිය පිරිසගේ ශරීර කොටස් පරීක්ෂා කර එවන රසායනාගාර වාර්තාවෙන් සිදු කළ යුතු බව ද බලධාරීන් සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04