Empty Ad
AFC Banner
Empty Ad

දින 04ක සිට සිසුවෙකු හා සිසුවියන් තිදෙනෙක් අතුරුදන් (ඡායාරූප)

උපකාරක පන්ති යන පවසා නිවසින් පිටව ගිය පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදහන් බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි අවු:
14 සහ 16 යන වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු මෙලෙස පසුගිය 14 වැනි දින සිට අතුරුදන් ව ඇති බවට තලවකැලේ පොලිසිය වෙත එම ළමුන්ගේ දෙමාපියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ; තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි දමිළ මහා විද්‍යාලයේ 11 වසරේ හා 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසු දරුවන් බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වැනි දින මොවුන් උපකාරක පන්ති යන බව පිටව ගිය බවත්; ඉන් පසුව ඔවුන් යළි නිවෙස් වෙත නොපැමිණි හෙයින් තමන් පොලිසියට පැමිණිලි කළ බවයි එම දෙමාපියන් ප්‍රකාශ කළේ.

අතුරුදන් වූ සිසුවා සහ සිසුවි‍යන් තිදෙනා ඥාතීන් බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් දින 04ක් ඉක්ම ගොස් මෙතෙක් අතුරුදන් වූ දරුවන් පිළිබඳ ව කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.

02 3
02 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>