අයහපත් කාලගුණ තත්වයත් සමඟ අවහිරව තිබූ ගම්බද මාර්ග අද (01) දිනයේදී නැවතත් යම් මට්ටමකට යථා තත්වයට පත් වීමත් සමඟ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත උඩරට ප්‍රදේශවල සිට එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.
මෙලෙස ලැබෙන එළවලු තොගයන්හි මිළ පිළිබඳව අදහස් පළකරමින් වෙළඳුන් පවසා සිටියේ එළවලු මිල යම්තාක් දුරකට වෙනසක් සිදුව ඇති බවයි.
ඒ අනුව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත අද දිනයේ දී මෙලෙස ලැබුණු එළවලු තොගයන්හි මිල සම්බන්ධයෙන් අදහස් පළකරමින් වෙළඳුන් කියා සිටියේ කැරට් කිලෝවක මිළ රුපියල් 700 සහ 800 අතරත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 400 සහ 420 අතරත්, බටු කිලෝවක මිල රුපියක් 160 සහ 180 අතරත් වූ බවයි.
කෙසේ වෙතත් එම ප්‍රදේශවල විශාල ලෙස වගා බිම් විනාශ වීම හේතුවෙන් ඉදිරියේ දී එළවලු මිළ අධික ලෙස ඉහළ යාමේ හැකියාවක් පවතින බවද වෙළදුන් පවසනවා.





