දින කිහිපයකට පසු උඩරටින් එළවලු කැප්පෙටිපොළට

අයහපත් කාලගුණ තත්වයත් සමඟ අවහිරව තිබූ ගම්බද මාර්ග අද (01) දිනයේදී නැවතත් යම් මට්ටමකට යථා තත්වයට පත් වීමත් සමඟ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත උඩරට ප්‍රදේශවල සිට එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.

මෙලෙස ලැබෙන එළවලු තොගයන්හි මිළ පිළිබඳව අදහස් පළකරමින් වෙළඳුන් පවසා සිටියේ එළවලු මිල යම්තාක් දුරකට වෙනසක් සිදුව ඇති බවයි.

ඒ අනුව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත අද දිනයේ දී මෙලෙස ලැබුණු එළවලු තොගයන්හි මිල සම්බන්ධයෙන් අදහස් පළකරමින් වෙළඳුන් කියා සිටියේ කැරට් කිලෝවක මිළ රුපියල් 700 සහ 800 අතරත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 400 සහ 420 අතරත්, බටු කිලෝවක මිල රුපියක් 160 සහ 180 අතරත් වූ බවයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශවල විශාල ලෙස වගා බිම් විනාශ වීම හේතුවෙන් ඉදිරියේ දී එළවලු මිළ අධික ලෙස ඉහළ යාමේ හැකියාවක් පවතින බවද වෙළදුන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18