දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ අතුරුදන් වූ ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම්

දෙවුන්දර ධීවර වරායෙන් මුහුදුගොස් අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සිට මේ වනවිට අතුරුදන්ව සිටින ධීවරයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙව්නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙක්.

වාණිජ නෞකාවක ගැටී පෙරේදා (28) රාත්‍රියේ අනතුරට ලක්වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනාගෙන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබුණා.

මෙම අනතුරින් යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන්ගේ මෘත ශරීර ඊයේ (28) දිනයේ ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ආවා.

මෙලෙස මියගොස් ඇත්තේ 58 සහ 46 යන වයස්වල පසුවන දෙව්නුවර සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

දෙවුන්දර ධීවර වරායෙන් පෙරේදා (27) පස්වරුවේ මුහුදු ගොස් ඇති මෙම ධීවර යාත්‍රාව ගොඩබිමට මුහුදු සතපුන් 20ක් පමණ දුරකින් රැඳී සිටි අවස්ථාවේ වාණිජ නෞකාවක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර, එහිදී එක් ධීවරයෙක් පෙරළී ගිය යාත්‍රාව උඩට නැග සිය ජීවිතය බේරාගෙන තිබුණා.

යාත්‍රාව තුළ සිරවී සිටි තවත් ධීවරයෙක් පැය කිහිපයකට පසු මුදාගැනීමට සමත් වුණා.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වනවිටත් මෙම මෙහෙයුම් සිදුකරනු ලබන අතර, ඒ සඳහා ධීවර යාත්‍රා කිහිපයක් ද එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49