දිනෙන් දින රටම ආක්‍රමණය වන ඔමික්‍රෝන් රැල්ල ගැන ඇඟ හිරිවැටෙන ඉගියක්

ලොකු  ඔමික්‍රෝන්  රැල්ලක් ලබන මස අග වනවිට   ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි   රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ   මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

එහෙත් ඔමික්‍රොන් වයිරසයෙන් දරුණු රෝග ලක්ෂණ මතු නොකරන හෙයින් එම රෝගීන්ගෙන්  සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ඔමික්‍රෝන් වයිරසය  වේගයෙන් පැතිර යන නමුත් වැඩි පිරිසක් කොවිඩ්  මර්දන  එන්නත්  ලබාගෙන ඇති හෙයින්  ඉන් සමාජයට ලොකු බලපෑමක් ඇති වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා  මේ අවස්ථාවේදී ජනතාව තුන්වෙනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ඉතාම වැදගත් බවද පැවසුවේය.

බොහෝ පිරිසක් තුන්වෙනි මාත්‍රාව ලබා නොගෙන පැහැර හැර සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස  කටයුතු කිරීමෙන් ජීවිත අවදානම වැඩි විය හැකි බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එකම එන්නතක් හෝ ලබා නොගෙන සිටින  පුද්ගලයන් මේ මොහොතේදී එන්නත් ලබා ගැනීමට එන්නත්කරණ  මධ්‍යස්ථානවලට  වහාම යොමුවිය යුතු බව පැවසූ  හෙතෙම  මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම  යනාදීවූ සෞඛ්‍ය නීති පිළිපැදීම සඳහා ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු වන බවද කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40