දිනකට පැය 10ක් ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බවට ඊශ්‍රායලයෙන් තීරණයක්

මානුෂිය ආධාර බෙදාහැරීම සඳහා ඊශ්‍රායල හමුදා අද (27) සිට දිනකට පැය දහයක්, ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ. අනුව අද (27) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නැවත දැනුම්දෙන තුරු ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව ගාසා තීරය පුරා ජනගහනයට ආහාර සහ ඖෂධ බෙදා හරින එක්සත් ජාතීන්ගේ සහ මානුෂීය ආධාර සංවිධානවල රථවලට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි නම් කරන ලද ආරක්ෂිත මාර්ග පස්වරු 06:00 සිට පස්වරු 11:00 දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?