Empty Ad
AFC Banner
Empty Ad

දැරියක පුද්ගලයකු අතවර කරන බවට දැණුම් දුන්නේ ත්‍රිරෝද රථ රියදුරෙක්

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
දැරියගේ පුංචි අම්මා ලන්ඩන්වල පදිංචිව සිටින නිසා එම රටට යෑමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පොත් කීපයක් අතවරයට පත් දැරියට ලබාගැනීමට අවශ්‍යව තිබූ බැවින් එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා උදවු කරන මුවාවෙන් මෙම දැරිය රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.

එම දැරියගේ මව අංශභාගයෙන් පෙළෙන අතර සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිම වීමෙන් පසු ටීචර් සමඟ පොත් මිලදී ගැනීම සඳහා යන බවට යැයි දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා.

සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරියව මෝටර් රථයේ ඉදිරිපස අසුනේ නංවාගෙන පැමිණ කිඹුලාවල රථ ගාලේ මෝටර් රථය ගාල් කිරීමෙන් අනතුරුව දැරිය අමතා තිබූ සැකකරු මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මැද තීරුවෙන් පිටුපස අසුනට යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයිගුරුවරයාගේ දැනුම්දීම මත එම අසුනට එයාකාරයෙන් දැරිය ගිය පසු සැකකාර ගුරුවරයාද පිටුපස අසුනට ගොස් දැරියගේ ඇදුම් මෙන්ම ඔහුගේ ඇදුම්ද ගලවා දැරියට ලිංගික අතවර කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ බව දුටු ත්‍රිරෝද රථ රියැදුරෙක් කිඹුලාවල හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අසලට ගොස් කිඹුලාවල රථගාලේ මෝටර් රථයක් තුළ කුඩා දැරියකට පුද්ගලයකු ලිංගික අතවර කරන බවට කරන ලද දැනුම්දීමක් අනුව වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සැකකාර ගුරුවරයා එයාකාරයෙන් හැසිරෙන බවට තහවුරු වී තිබූ බව තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක කියයි.

සැකකාර ගුරුවරයා සහ අතවරයට පත් දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණ වූ බව සුභාෂිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

සැකකාර ගුරුවරයා කලකට ඉහතදී අනතුරකට පත්ව දකුණු පාදය අහිමිව කෘත්‍රිම පාදයක් පැලඳ සිටින අයෙක් බව පොලිසිය කියයි.

ගම්පහ, ඉඳිගොල්ලේ පදිංචි මෙම සැකකාර මෘදුකාංග ගුරුවරයා ලබන අගෝස්තු මස 04දා තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහසේත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?