දැනටමත් ඉරාන පාලනයේ වෙනසක් සිදුකර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යුද්ධයේ මුල් දිනවල උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඝාතනය කිරීමත් සමඟ ඉරානය දැනටමත් “පාලන වෙනසක්” අත්විඳ ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.
මේ අතර අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත් වූ කමේනිගේ පුත් මොජ්ටාබා මිය ගොස් හෝ දරුණු ලෙස තුවාල ලබා ඇති බවට ට්‍රම්ප් යළිත් පවසන අතර, ඔහු පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවයි ට්‍රම්ප් සඳහන් කරන්නේ.
මේ අතර ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.













