AFC Banner
Empty Ad
Empty Ad

දැඩි ගංවතුරෙන් විපතට පත් නේපාලයේ සහායට ඉන්දියාව පෙරට

දැඩි ගංවතුර හා නායයෑම්වලින් 236කට අධික පිරිසක් මරුමුවට පත් වූ පසුගිය සතියේ සිදු වූ දැවැන්ත ව්‍යසනයෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි නේපාලයට සහයෝගීතාව පළ කර තිබෙනවා.

නේපාලයේ ඉන්දීය තානාපති නවීන් ශ්‍රීවාස්තවා කත්මන්ඩු නුවර පැවති උත්සවයක් අමතමින් පැවසුවේ අගමැති මෝදි නේපාල අගමැති කේපී ෂර්මා ඔලි වෙත සහයෝගීතාව පළ කරමින් ලිඛිත පණිවුඩයක් යොමු කළ බවයි.

මෙම දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව නේපාල ජනතාව සමඟ සහයෝගයෙන් සිටින අතර, නේපාල රජයට අවශ්‍ය සහන සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය පරිදි හැකි සෑම සහයක්ම ලබා දීමට ද ඉන්දියාව සූදානම් බව නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩයේ සඳහන්.

නොකඩවා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මෑතදී ඇති වූ ගංවතුර, නායයෑම් හේතුවෙන් ජීවිත 236 ක් අහිමි වී ඇති අතර, 19 දෙනෙකු තවමත් අතුරුදන් ව සිටිනවා.

විපතට පත් ප්‍රදේශවලින් පුද්ගලයින් 17,120 දෙනෙකු මුදා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වුණා.

රටපුරා විවිධ ප්‍රදේශවල ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවහිර වී ඇති මාර්ග සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18

?