දැඩි ගංවතුරෙන් විපතට පත් නේපාලයේ සහායට ඉන්දියාව පෙරට

දැඩි ගංවතුර හා නායයෑම්වලින් 236කට අධික පිරිසක් මරුමුවට පත් වූ පසුගිය සතියේ සිදු වූ දැවැන්ත ව්‍යසනයෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි නේපාලයට සහයෝගීතාව පළ කර තිබෙනවා.

නේපාලයේ ඉන්දීය තානාපති නවීන් ශ්‍රීවාස්තවා කත්මන්ඩු නුවර පැවති උත්සවයක් අමතමින් පැවසුවේ අගමැති මෝදි නේපාල අගමැති කේපී ෂර්මා ඔලි වෙත සහයෝගීතාව පළ කරමින් ලිඛිත පණිවුඩයක් යොමු කළ බවයි.

මෙම දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව නේපාල ජනතාව සමඟ සහයෝගයෙන් සිටින අතර, නේපාල රජයට අවශ්‍ය සහන සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය පරිදි හැකි සෑම සහයක්ම ලබා දීමට ද ඉන්දියාව සූදානම් බව නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩයේ සඳහන්.

නොකඩවා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මෑතදී ඇති වූ ගංවතුර, නායයෑම් හේතුවෙන් ජීවිත 236 ක් අහිමි වී ඇති අතර, 19 දෙනෙකු තවමත් අතුරුදන් ව සිටිනවා.

විපතට පත් ප්‍රදේශවලින් පුද්ගලයින් 17,120 දෙනෙකු මුදා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වුණා.

රටපුරා විවිධ ප්‍රදේශවල ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවහිර වී ඇති මාර්ග සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32