AFC Banner
Empty Ad
Empty Ad

දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත නිකුත්වෙයි

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දහවල් 12.00 වන විට මැතිවරණ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල 50%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

දහවල් 12.00 වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ 42% ක් ඡන්දය භාවිත කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් තේරම්භාර නිලධාරීවරයා පැවසුවා.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ද ඡන්දය ප්‍රකාශ කිරීම 42%ක අගයක් ගෙන තිබුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 45%ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 43%ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද දහවල් 12 වන විට පැවතියේ 35%ක් ලෙසයි.

ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම 32%ක් ලෙසයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?