දස වසරක් හිරේ ලැග්ග අයෙක් මාසයක් ගත වෙන්නටත් පෙර යළිත් සිපිරිගෙට ?

කොහුවල පොලිස් නිවාසයකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ සොරා ගත් පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු ද සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම සැකකාර තැනැත්තා දේපොළ සොරා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ද වසර 10කට ආසන්න කාලයක් බන්ධනාගාරගත ව සිට මීට මාසයකට ඉහත දී යි නිදහස් ව පැමිණ ඇත්තේ.

සැකකරු පොලිස් නිවාසයෙන් සොරකම් කළ ලැප්ටොප් යන්ත්‍ර 03ක්, අත් ඔරලෝසුවක්, කොණ්ඩ කපන යන්ත්‍රයක්, අධික මිලකින් යුක්ත වූ සුවඳ විලවුන් වර්ග සහිත බෝතල් කිහිපයක් සහ තවත් දේපොළ රැසක් සමගින් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 210ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල, බෝධියවත්ත ක්‍රීඩාංගණය අසලදීයි.

මෙම පුද්ගලයා සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍ර 03 බෝධිය වත්ත ක්‍රීඩාංගණය අසල පදිංචි ව සිටින පුද්ගලයෙකුට විකුණා එයින් ලබාගත් මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමිල ගෝවින්නට ලද රහසිගත තොරතුරක් මත එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් වූ සැකකරු (42) වැනි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකු බවත් හෙළි ව තිබෙනවා.

ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26