දස වසරක් හිරේ ලැග්ග අයෙක් මාසයක් ගත වෙන්නටත් පෙර යළිත් සිපිරිගෙට ?

කොහුවල පොලිස් නිවාසයකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ සොරා ගත් පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු ද සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම සැකකාර තැනැත්තා දේපොළ සොරා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ද වසර 10කට ආසන්න කාලයක් බන්ධනාගාරගත ව සිට මීට මාසයකට ඉහත දී යි නිදහස් ව පැමිණ ඇත්තේ.

සැකකරු පොලිස් නිවාසයෙන් සොරකම් කළ ලැප්ටොප් යන්ත්‍ර 03ක්, අත් ඔරලෝසුවක්, කොණ්ඩ කපන යන්ත්‍රයක්, අධික මිලකින් යුක්ත වූ සුවඳ විලවුන් වර්ග සහිත බෝතල් කිහිපයක් සහ තවත් දේපොළ රැසක් සමගින් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 210ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල, බෝධියවත්ත ක්‍රීඩාංගණය අසලදීයි.

මෙම පුද්ගලයා සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍ර 03 බෝධිය වත්ත ක්‍රීඩාංගණය අසල පදිංචි ව සිටින පුද්ගලයෙකුට විකුණා එයින් ලබාගත් මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමිල ගෝවින්නට ලද රහසිගත තොරතුරක් මත එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් වූ සැකකරු (42) වැනි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකු බවත් හෙළි ව තිබෙනවා.

ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?