දස මසක් වයසැති බිළිඳිය කෙළෙසූ පියා සිපිරිගෙට

මාස දහයක් වයසැති තම බිළිඳිය ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පෝද්දල, කලේගාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයා පෙබරවාරි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර පියා ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ හමුවට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව සැකකරු සමාජ රෝග සායනයට ඉදිරිපත් කිරීමටත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

එමෙන්ම බිළිඳිය මව වෙත භාරදීමටද නියෝග කරනු ලැබුවා.

සැකකාර පුද්ගලයා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ බීමතින් පැමිණ තම මාස 10ක බිළිඳිය සුරතල් කිරිමට බව පවසා විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසේ කාමරයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වුණේ.

පසුව බිළිඳිය නොනවත්වා හඬන්නට පටන් ගැනීමත් සමඟ බිළිඳියගේ මව අසල්වැසි කාන්තාවක් ද සමංහ එක්ව ඇයව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගෙනගොස් ඇති අතර, එහිදි බිළිඳිය පරික්ෂා කිරීමේ දී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල සිදුව ඇති බවට වෛද්‍යවරයාට නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරුව ඇයව රෝහල් ගත කරන ලෙසට උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව බිළිඳිය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බිළිඳිය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇත්තේ බිළිදිය දූෂණයට ලක්ව ඇති බවයි.

බිළිඳියගේ මවගේ නිත්‍යනුකුල සැමියා ඔවුන් හැරගොස් සිටින අතර, ඇය සැකකාර පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම සම්බන්ධය මත මීට මාස 10කට පෙර මෙම බිළිඳිය බිහිකර ඇති බවයි පරීක්ෂණවල දී හෙළි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33