දසුන්, කමිඳු, වනිඳු නොඑවා චරිත්ට අවස්ථාව දුන්නේ අයි ? ජයසූරියගෙන් උත්තර

2025 ආසියානු කුසලානය තරගාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (26) පැවති තරගය සුපිරි පන්දුවාරයක් දක්වා යාමට තමන්ට උවමනාවක් නොතිබුණු බවව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

කෙසේ වෙතත් දසුන් අවසන් මොහොතේ පන්දුව නොදුටු බවත්, ඒ හේතුවෙන් ඔහු දෙවන ලකුණ සම්පූර්ණ කිරීමට ඩයිවින් කළ බව සඳහන් කළ ජයසූරිය එය ලකුණු තුනක් වූවානම් තීරණය වෙනස්වන බවයි සඳහන් කළේ.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජයසූරිය මේ බව සඳහන් කළා.

සුපිරි හතර වටයේ පිට පිට තරග දෙකක් පරාජය වී තිබූ පසුබිමක ලකුණු 200ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම ඉතා අසීරු කාර්යක් බව සදහන් කළ ඔහු, ශ්‍රී ලංකා පිතිකරුවන් එම කාර්ය සාර්ථකව ඉටුකළ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ අතර කුසල් ජන්තිගේ දැවීයාමෙන් පසු, වෙනත් ප්‍රහාරාත්මක පිතිකරුවෙන් නොයවා මේ දිනවල ලකුණු අතර නොමැති චරිත් අසලංක පන්දුවාර පහරදීමට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ පිතිකරුවන්ගේ වමත් දකුණත් සුසංයෝගය ඉදිරියටත් පවත්වගෙන යාමේ සැලසුම මත නායක චරිත් අසලංක පන්දුවට පහරදීමට පිටියට යොමුකළ බවයි.

“අපි ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් එක දිගටම තිබ්බේ, මොකද කුල්දීප් දාපු නිසා අපි රයිට් හෑන්ඩව පොඩ්ඩක් තියාගෙන තමයි ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් එක තිබ්බේ, මොකද අපි ඔක්කොම පැඩ්ස් දාලා ඔක්ජ්කොම ප්[රිපෙයාර් වෙලා හිටියේ, ජනිත් හිටියා, දසුන් හිටියා, වනිඳු හිටියා, අපි එකවෙලාවක් වනිඳු යවන්න හිටියා ඒවගේ ඒ සිටුවේසන් එකේ හැටියට බල බල තමයි ඒක කළේ.”

මේ අතර ආසියානු කුසලානයේ අවසන් තරගයට පිවිසීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බව ද සනත් ජයසූරිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
11
+1
11
+1
0
+1
15
+1
3
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?