‘දසත’ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී තම්ෂීර් මොහොමඩ්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

‘දසත’ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී තම්ෂීර් මොහොමඩ්ගේ පියාණන්වන එස්.එල්. අබ්දුල් හමීඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (23) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වන වියේ පසුවූ අතර, එස්.එල්. අබ්දුල් හමීඩ් මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාවේ ප්‍රථම මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ හිටපු අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නොච්චියාගම පොදු සුසාන භූමියේ දී අද (24) සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?