දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ දී මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය කළා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගනේෂා ප්‍රීතිමාලි සූරිආරච්චි (29) නමැති කපුගෙදරවත්ත, හොරංගල්ල, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකාරියක්. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් සිදු කරනු ලැබුවා. හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මියගිය තැනැත්තියගේ සැමියා වන තෙන්නාදුර අසේල සඳරුවන් නමැත්තා කිව්වේ,

“මාගේ රැකියාව නාවික ගුවන්භට. අපි දෙදෙනා විවාහ වී දැනට වසර දෙකක් වෙනවා. බිරිඳ පසුගිය වර්ෂයේ අගභාගයේ දී ගැබ් ගත්තා. ගමේ සායනවලට සහභාගි වුණා. පසුව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වුවා. දරු ප්‍රසූතියට දින නියම වී තිබුණේ 15 දාට. පසුගිය 10 වැනිදා රාත්‍රී බිරිඳට අමාරු වී තිබුණා. 1990 හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් බිරිඳ මහමෝදර රෝහලට ඇතුළත් කොට තිබුණා. 11 දා ඇය බලන්න මහමෝදර රෝහලේ 03 වාට්ටුවට ගියා. ඇය තුනටිය කැක්කුම හැදෙන බව කීවා. බිරිඳ බලා නැවත මා ගෙදර ආවා. 12 දා අලූයම 3.00 ට පමණ බිරිඳව පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා දුරකථනයෙන් දැනුම් දුන්නා බිරිඳට අමාරුයි දැඩි සත්කාර ඒකකයට ගත්තා එන්න කියලා.

උදෑසන 5.00 ට පමණ රෝහලට ගියා. විශේෂඥ වෛද්‍යවරයා මට කීවා බිරිඳට ස්වභාවික දරු ප්‍රසූතියක් වුණා. දරුවෙක් ලැබුණා. බිරිඳ බේරාගන්න බැරිවූ බව ඔහු කීවා. දරු ප්‍රසූතියේ දී බිරිඳට හෘදයාබාධයක් වැළඳී ඇති බවද වෛද්‍යවරයා කීවා. මරණය ගැන සැකයක් නෑ. මරණයට හේතුව දැන ගන්න අවශ්‍යයි’’ ද ඔහු සාක්ෂි දෙමින් කීවේය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැළකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මියගිය මවගේ සිරුරේ කොටස් ව්‍යාධිවේද පටක පරීක්ෂාවක් සඳහා යොමුකොට දේහය නිදහස් කළ අතර මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58