දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ දී මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය කළා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගනේෂා ප්‍රීතිමාලි සූරිආරච්චි (29) නමැති කපුගෙදරවත්ත, හොරංගල්ල, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකාරියක්. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් සිදු කරනු ලැබුවා. හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මියගිය තැනැත්තියගේ සැමියා වන තෙන්නාදුර අසේල සඳරුවන් නමැත්තා කිව්වේ,

“මාගේ රැකියාව නාවික ගුවන්භට. අපි දෙදෙනා විවාහ වී දැනට වසර දෙකක් වෙනවා. බිරිඳ පසුගිය වර්ෂයේ අගභාගයේ දී ගැබ් ගත්තා. ගමේ සායනවලට සහභාගි වුණා. පසුව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වුවා. දරු ප්‍රසූතියට දින නියම වී තිබුණේ 15 දාට. පසුගිය 10 වැනිදා රාත්‍රී බිරිඳට අමාරු වී තිබුණා. 1990 හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් බිරිඳ මහමෝදර රෝහලට ඇතුළත් කොට තිබුණා. 11 දා ඇය බලන්න මහමෝදර රෝහලේ 03 වාට්ටුවට ගියා. ඇය තුනටිය කැක්කුම හැදෙන බව කීවා. බිරිඳ බලා නැවත මා ගෙදර ආවා. 12 දා අලූයම 3.00 ට පමණ බිරිඳව පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා දුරකථනයෙන් දැනුම් දුන්නා බිරිඳට අමාරුයි දැඩි සත්කාර ඒකකයට ගත්තා එන්න කියලා.

උදෑසන 5.00 ට පමණ රෝහලට ගියා. විශේෂඥ වෛද්‍යවරයා මට කීවා බිරිඳට ස්වභාවික දරු ප්‍රසූතියක් වුණා. දරුවෙක් ලැබුණා. බිරිඳ බේරාගන්න බැරිවූ බව ඔහු කීවා. දරු ප්‍රසූතියේ දී බිරිඳට හෘදයාබාධයක් වැළඳී ඇති බවද වෛද්‍යවරයා කීවා. මරණය ගැන සැකයක් නෑ. මරණයට හේතුව දැන ගන්න අවශ්‍යයි’’ ද ඔහු සාක්ෂි දෙමින් කීවේය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැළකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මියගිය මවගේ සිරුරේ කොටස් ව්‍යාධිවේද පටක පරීක්ෂාවක් සඳහා යොමුකොට දේහය නිදහස් කළ අතර මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?