AFC Banner
Empty Ad
Empty Ad

දරු කළල පහක් අහිමි වූ අක්කාට තම කුස දන් දුන් නංගී

”ඇමන්ඩා, ඔයාගේ කුසින් බිහිවෙන දරුවෙක් ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. හැබැයි එහෙම කියල ඔයාට දරුවෙක් නැති වෙන්නේ නැහැ. අපිට පුලුවන් විද්‍යාගාරයක් තුලදී ඔයාලගේ සරු ජීවාණු තැන්පත් කරල කළලයක් නිර්මාණය කරල වෙනත් ගර්භාෂයක ඒක වැඩෙන්න ඉඩ හරින්න.”

වෛද්‍යවරයා දරු කළල පහක් අහිමි වූ ඇමන්ඩාට අවසානයේ පවසා සිටියේ එසේයි. IVF ක්‍රමයට දරුවෙක් ලබ ගැනීමට ඇමන්ඩාට වෛද්‍යවරයා යෝජනා කලේ ඇයගේ වේදනාව සමනය කරලීමේ අදහසසිනුයි. ඉතින් තමන්ගේ දරුවාට ඇවැසි කුසක් සොයා ගැනීමටත් වඩා එයට කැමැති ආදරණීය හදවතක් සොයා ගැනීම පිලිබදව ඇමැන්ඩා සැලකිලිමත් වුනා.

“මට පුලුවන් මගේ සහෝදරිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න” ඒ ඇමන්ඩාගේ නැගණියයි.

“2019 අවුරුද්දේ තමයි මගේ සහෝදරියගේ පුතා වෙන ජූලියන් ඉපදුනේ. ඔහු බිහි වුනේ සිසේරියන් සැත්කමකින්. අවුරුදු පහක බලාපොරොත්තු බිද වැටුණු මට අගෝස්තු මාසයේ අම්මා කෙනෙක් වෙන්න පුලුවන් උනා.ඔලිවර් මගේ පුංචි පුතා ලොකු උනාම මම මේ කතාව එයාට කියනවා.”ඇමන්ඩා ෆොලොරීඩා විශ්ව විද්‍යාලයේ උපදේශකවරියක ලෙස සේවය කරන අතර හෘදයාබාධ තත්වයක්, රුධිරය කැටි ගැසීමේ රෝගයක් සහ චර්ම රෝගයක් නිසා ඇය දිගින් දිගටම ප්‍රතිකාර ලාබ ගත්තා. ඒ කාලය තුල ඇය පස් වතාවක් ගැබ් ගත්තත් එම කළල සියල්ලම බිදී ගියේ ඇගේත් සැමියාගේත් බලාපොරොත්තු සුන් කරමින්.

“පුංචි ඔලිවර්ව මම මාස දහයක් කුසේ තියාගෙන බලා ගත්තා. ඒක මගේ පුතාට උපත දුන්නා වගේම හරි අපූරු අත්දැකීමක්.මට ඕන උනේ මගේ අක්කට උදව් කරන්න. මම දැක්කා ඇයගේ මූණේ තිබ්බ සතුට. දැන් ඇයට ඇයගේම දරුවෙක් ඉන්නවා.”

“මේ සිහිනයක්ද කියල මට හිතෙනවා. ඒත් මගේ පුතා තුරුල් කරගත්තම එන සුවද නිසා ඒක සිහිනයක් නෙමෙයි කියල මම දන්නවා.” ඇමන්ඩා තමන්ගේ දරුවා තුරුල් කරගනිමින් ප්‍රකාශ කලා.

– ධරණී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
417
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?