දරු කළල පහක් අහිමි වූ අක්කාට තම කුස දන් දුන් නංගී

”ඇමන්ඩා, ඔයාගේ කුසින් බිහිවෙන දරුවෙක් ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. හැබැයි එහෙම කියල ඔයාට දරුවෙක් නැති වෙන්නේ නැහැ. අපිට පුලුවන් විද්‍යාගාරයක් තුලදී ඔයාලගේ සරු ජීවාණු තැන්පත් කරල කළලයක් නිර්මාණය කරල වෙනත් ගර්භාෂයක ඒක වැඩෙන්න ඉඩ හරින්න.”

වෛද්‍යවරයා දරු කළල පහක් අහිමි වූ ඇමන්ඩාට අවසානයේ පවසා සිටියේ එසේයි. IVF ක්‍රමයට දරුවෙක් ලබ ගැනීමට ඇමන්ඩාට වෛද්‍යවරයා යෝජනා කලේ ඇයගේ වේදනාව සමනය කරලීමේ අදහසසිනුයි. ඉතින් තමන්ගේ දරුවාට ඇවැසි කුසක් සොයා ගැනීමටත් වඩා එයට කැමැති ආදරණීය හදවතක් සොයා ගැනීම පිලිබදව ඇමැන්ඩා සැලකිලිමත් වුනා.

“මට පුලුවන් මගේ සහෝදරිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න” ඒ ඇමන්ඩාගේ නැගණියයි.

“2019 අවුරුද්දේ තමයි මගේ සහෝදරියගේ පුතා වෙන ජූලියන් ඉපදුනේ. ඔහු බිහි වුනේ සිසේරියන් සැත්කමකින්. අවුරුදු පහක බලාපොරොත්තු බිද වැටුණු මට අගෝස්තු මාසයේ අම්මා කෙනෙක් වෙන්න පුලුවන් උනා.ඔලිවර් මගේ පුංචි පුතා ලොකු උනාම මම මේ කතාව එයාට කියනවා.”ඇමන්ඩා ෆොලොරීඩා විශ්ව විද්‍යාලයේ උපදේශකවරියක ලෙස සේවය කරන අතර හෘදයාබාධ තත්වයක්, රුධිරය කැටි ගැසීමේ රෝගයක් සහ චර්ම රෝගයක් නිසා ඇය දිගින් දිගටම ප්‍රතිකාර ලාබ ගත්තා. ඒ කාලය තුල ඇය පස් වතාවක් ගැබ් ගත්තත් එම කළල සියල්ලම බිදී ගියේ ඇගේත් සැමියාගේත් බලාපොරොත්තු සුන් කරමින්.

“පුංචි ඔලිවර්ව මම මාස දහයක් කුසේ තියාගෙන බලා ගත්තා. ඒක මගේ පුතාට උපත දුන්නා වගේම හරි අපූරු අත්දැකීමක්.මට ඕන උනේ මගේ අක්කට උදව් කරන්න. මම දැක්කා ඇයගේ මූණේ තිබ්බ සතුට. දැන් ඇයට ඇයගේම දරුවෙක් ඉන්නවා.”

“මේ සිහිනයක්ද කියල මට හිතෙනවා. ඒත් මගේ පුතා තුරුල් කරගත්තම එන සුවද නිසා ඒක සිහිනයක් නෙමෙයි කියල මම දන්නවා.” ඇමන්ඩා තමන්ගේ දරුවා තුරුල් කරගනිමින් ප්‍රකාශ කලා.

– ධරණී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00