AFC Banner
AFC Banner
Empty Ad

දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීමට චීනයෙන් විශේෂ ව්‍යාපෘති

රටේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දරුවන් බිහි කිරීමේ මිත්‍රශීලී  පරිසරයක් ඇති කිරීමට චීන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ යටතේ “නව යුගයේ” විවාහ සහ දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට  චීනයේ  නගර 20 කට වැඩි ගණනක නියමු ව්‍යාපෘති දියත් කිරීමට නියමිතයි.

කාන්තාවන්ට විවාහ බීම සඳහා දිරි ගැන්වීමටත් දරුවන් ලැබීමට දිරිගැන්වීමත් රජයේ ජනගහන සහ සාඵල්‍යතා පියවරයන් ක්‍රියාත්මක කරන ජාතික ආයතනය වන චීනයේ පවුල් සැලසුම් සංගමය, ව්‍යාපෘති දියත් කරන බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.

විවාහයන් ප්‍රවර්ධනය කිරීම, සුදුසු වයස්වලදී දරුවන් ලැබීම, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් බෙදා ගැනීමට මාපියන් දිරිමත් කිරීම සහ ඉහළ මංගල්‍යය වියදම් සහ අනෙකුත් යල් පැන ගිය චාරිත්‍ර වාරිත්‍ර සීමා කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවයි ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබුණේ.

නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නගරවලට නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන Guangzhou සහ චීනයේ Hebei පළාතේ Handan යන නගර ද ඇතුළත් වනවා.

චීනයේ පවුල් සැලසුම් සංගමය 2022 වසරේ සිට බීජිං ඇතුළු නගර 20ක මෙම ව්‍යාපෘති දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

චීනයේ ජනවිකාසඥයෙකු වන යාෆු පවසන්නේ විවාහය සහ දරු ප්‍රසූතිය පිළිබඳ සංකල්පය පිළිබඳ සමාජයේ තරුණ තරුණියන්ට වඩාත් මග පෙන්විය යුතු බවයි.

මෙම ව්‍යාපෘති පැමිණෙන්නේ බදු සහන, නිවාස සහනාධාර සහ තුන්වන දරුවා බිහිකිරීම සඳහා නොමිලේ හෝ සහනාධාර සහිත අධ්‍යාපනය ඇතුළුව දරුවන් බිහි කිරීම සඳහා ජනතාව පෙළඹවීම සඳහා චීනයේ විවිධ පළාත් යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග රාශියක් මධ්‍යයේයි.

චීනය 1980 සිට 2015 දක්වා  එක් දරු ප්‍රතිපත්තිය  දැඩිව ක්‍රියාවට නංවා තිබුණා.

ඒ අනුව දශක හයකට පසු  චීනයේ ප්‍රථම ජනගහන පහත වැටීම සහ  වේගවත් වයස්ගත වීමක් වාර්තා වූ අතර ඒ ගැන චීන බලධාරීන්  කනස්සල්ලට පත් වුණා. ඒ අනුව රජයේ දේශපාලන උපදේශකයින් මාර්තු මාසයේදී යෝජනා කළේ රටේ සශ්‍රීකත්ව අනුපාතය ඉහළ නැංවීම සඳහා අවිවාහක කාන්තාවන්ට සිය ඩිම්බ අධි ශීත කිරීමේ ක්‍රමවේදවලට ප්‍රවේශය තිබිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?