දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීමට චීනයෙන් විශේෂ ව්‍යාපෘති

රටේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දරුවන් බිහි කිරීමේ මිත්‍රශීලී  පරිසරයක් ඇති කිරීමට චීන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ යටතේ “නව යුගයේ” විවාහ සහ දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට  චීනයේ  නගර 20 කට වැඩි ගණනක නියමු ව්‍යාපෘති දියත් කිරීමට නියමිතයි.

කාන්තාවන්ට විවාහ බීම සඳහා දිරි ගැන්වීමටත් දරුවන් ලැබීමට දිරිගැන්වීමත් රජයේ ජනගහන සහ සාඵල්‍යතා පියවරයන් ක්‍රියාත්මක කරන ජාතික ආයතනය වන චීනයේ පවුල් සැලසුම් සංගමය, ව්‍යාපෘති දියත් කරන බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.

විවාහයන් ප්‍රවර්ධනය කිරීම, සුදුසු වයස්වලදී දරුවන් ලැබීම, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් බෙදා ගැනීමට මාපියන් දිරිමත් කිරීම සහ ඉහළ මංගල්‍යය වියදම් සහ අනෙකුත් යල් පැන ගිය චාරිත්‍ර වාරිත්‍ර සීමා කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවයි ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබුණේ.

නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නගරවලට නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන Guangzhou සහ චීනයේ Hebei පළාතේ Handan යන නගර ද ඇතුළත් වනවා.

චීනයේ පවුල් සැලසුම් සංගමය 2022 වසරේ සිට බීජිං ඇතුළු නගර 20ක මෙම ව්‍යාපෘති දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

චීනයේ ජනවිකාසඥයෙකු වන යාෆු පවසන්නේ විවාහය සහ දරු ප්‍රසූතිය පිළිබඳ සංකල්පය පිළිබඳ සමාජයේ තරුණ තරුණියන්ට වඩාත් මග පෙන්විය යුතු බවයි.

මෙම ව්‍යාපෘති පැමිණෙන්නේ බදු සහන, නිවාස සහනාධාර සහ තුන්වන දරුවා බිහිකිරීම සඳහා නොමිලේ හෝ සහනාධාර සහිත අධ්‍යාපනය ඇතුළුව දරුවන් බිහි කිරීම සඳහා ජනතාව පෙළඹවීම සඳහා චීනයේ විවිධ පළාත් යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග රාශියක් මධ්‍යයේයි.

චීනය 1980 සිට 2015 දක්වා  එක් දරු ප්‍රතිපත්තිය  දැඩිව ක්‍රියාවට නංවා තිබුණා.

ඒ අනුව දශක හයකට පසු  චීනයේ ප්‍රථම ජනගහන පහත වැටීම සහ  වේගවත් වයස්ගත වීමක් වාර්තා වූ අතර ඒ ගැන චීන බලධාරීන්  කනස්සල්ලට පත් වුණා. ඒ අනුව රජයේ දේශපාලන උපදේශකයින් මාර්තු මාසයේදී යෝජනා කළේ රටේ සශ්‍රීකත්ව අනුපාතය ඉහළ නැංවීම සඳහා අවිවාහක කාන්තාවන්ට සිය ඩිම්බ අධි ශීත කිරීමේ ක්‍රමවේදවලට ප්‍රවේශය තිබිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18