දරුවන්ට ඔන්ලයින් හිංසන වැඩි ප්‍රදේශ දෙකක්

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හඳුනා ගෙන ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශ එලෙස හඳුනා ගෙන ඇති අතර මෙම ප්‍රදේශවල එවැනි සිදුවීම් වැඩිවීමට හේතුව නිශ්චිත වශයෙන් තහවුරු වී නැති බවත් ඒ පිලිබඳ කරුණු සොයමින් සිටින බව ඒ මහතා සඳහන් කරයි.බොහෝ විට හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් වැඩි පිරිසක් සිටීම මෙයට හේතු විය හැකි බවට සැක කරන බව මහාචාර්යවරයා සඳහන් කරයි.

මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි.

එසේම මේ වසරේ මේ දක්වා එම පැමිණිලි 74ක් වාර්තා වී ඇති අතර ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීමෙන් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී තිබෙන බව ළමාරක්ෂක අධිකාරිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?