logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දරුණු ගණයේ අපරාධකරුවන් 20ක් හිරෙන් පනී

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ රාවලකොට් බන්ධනාගාරයෙන් ත්‍රස්තවාදීන් සහ මිනීමරුවන් ඇතුළු භයානක සිරකරුවන් 20 දෙනෙකු පලා ගොස් තිබෙනවා.

පලාගිය 20 දෙනා අතර ත්‍රස්ත චෝදනා යටතේ සිරගතව සිටි තිදෙනෙක් සිටින අතර මිනීමැරීම් හා සම්බන්ධ අපරාධකරුවන් අට දෙනෙක් සිටින බව හඳුනා ගෙන ඇතැයි ANI වාර්තා කළා.

පලා ගිය එක් සිරකරුවෙක් වන ෂාසාඩ්, පසුගිය වසරේ G20 සමුළුවට බාධා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට තර්ජනය කළ හිටපු පාකිස්තාන හමුදා සෙබළෙකු බව පුවත් වාර්තාවේ සඳහන්.

ෂාසාඩ්, ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් සඳහා තරුණ තරුණියන් බඳවා ගන්නා බව පැවසෙන, අලුතින් පිහිටුවන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන ජන්බාස් බලකායේ නායකයෙකු ලෙස ද සැලකනෙවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පරිපාලනය විසින් ප්‍රාන්ත පොලිස්පතිවරයා සේවයෙන් පහ කර ආරක්ෂක නිලධාරීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේම සේවය අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?