දරුකමට හදාවඩා ගැනීමට රැගෙන ගිය 13 හැවිරිදි දැරිය සම්බාහනයේ යොදවලා

දරුකමට හදාවඩා ගැනීම සඳහා අධිකරණ අවසරයක් යටතේ ලබාගත් 13 හැවිරිදි දැරියක් සම්භාහන මධ්‍යස්ථානයක යොදවා ඇයට ලිංගික අතවර කිරිමත් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකාරියක් සහ සැකකරුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

වින්දිත දැරිය පරිවාස භාරයට පත් කිරිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ පසුගිය දා නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය සහ එහි සේවකයෙක්.

අතවරයට පත් දැරිය දෙමව්පියන්ගේ දිළිඳුකම හේතුවෙන් පරිවාස භාරයේ සිටිය දී, සැකකාර කාන්තාව ඇයව දරුකමට හදාවඩා ගැනිම සඳහා දිසා අධිකරණයේ කුලවැද්දුම් නඩුවකින් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ තවමත් එම නඩුවේ අවසන් තීන්දුව ලැබී නොමැති බවයි.

දරුකමට හදාවඩා ගැනිම සඳහා ලබාගත් දැරිය, සැකකාරිය විසින් සම්භාහන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇයගේ පියා ඉකුත් සතියේ පැමිණ නඩුවේ අවසන් තීන්දුව ද ලැබී නොතිබීම හේතුවෙන් දැරිය යක්කලමුල්ලේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දැරිය විසින් මේ පිළිබඳව අනාවරණය කර ඇති අතර, පසුව පියා ඒ පිළිබඳව යක්කලමුල්ල පොලිසියට පැමිණිලිකර ඇති බව සඳහන්.

අනතුරුව පොලිසිය විසින් දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇති අතර, එහිදී දැරිය දූෂණය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

දැරිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරමින් පවසා ඇත්තේ තමන් යක්කලමුල්ලේ සිටිය දී 2019 වසරේ දී ඥාතියෙකු දූෂණය කළ බවයි.

එමෙන්ම සම්භාහන මධ්‍යස්ථානයේ සේවකයා ද තමාට ලිංගික හිරිහැර කළ බවට ද ඇය පවසා තිබෙනවා.

ඒ, අනුවයි සැකකාර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය සහ එහි සේවකයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34