spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුකමට හදාවඩා ගැනීමට රැගෙන ගිය 13 හැවිරිදි දැරිය සම්බාහනයේ යොදවලා

දරුකමට හදාවඩා ගැනීම සඳහා අධිකරණ අවසරයක් යටතේ ලබාගත් 13 හැවිරිදි දැරියක් සම්භාහන මධ්‍යස්ථානයක යොදවා ඇයට ලිංගික අතවර කිරිමත් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකාරියක් සහ සැකකරුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

වින්දිත දැරිය පරිවාස භාරයට පත් කිරිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ පසුගිය දා නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය සහ එහි සේවකයෙක්.

අතවරයට පත් දැරිය දෙමව්පියන්ගේ දිළිඳුකම හේතුවෙන් පරිවාස භාරයේ සිටිය දී, සැකකාර කාන්තාව ඇයව දරුකමට හදාවඩා ගැනිම සඳහා දිසා අධිකරණයේ කුලවැද්දුම් නඩුවකින් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ තවමත් එම නඩුවේ අවසන් තීන්දුව ලැබී නොමැති බවයි.

දරුකමට හදාවඩා ගැනිම සඳහා ලබාගත් දැරිය, සැකකාරිය විසින් සම්භාහන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇයගේ පියා ඉකුත් සතියේ පැමිණ නඩුවේ අවසන් තීන්දුව ද ලැබී නොතිබීම හේතුවෙන් දැරිය යක්කලමුල්ලේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දැරිය විසින් මේ පිළිබඳව අනාවරණය කර ඇති අතර, පසුව පියා ඒ පිළිබඳව යක්කලමුල්ල පොලිසියට පැමිණිලිකර ඇති බව සඳහන්.

අනතුරුව පොලිසිය විසින් දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇති අතර, එහිදී දැරිය දූෂණය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

දැරිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරමින් පවසා ඇත්තේ තමන් යක්කලමුල්ලේ සිටිය දී 2019 වසරේ දී ඥාතියෙකු දූෂණය කළ බවයි.

එමෙන්ම සම්භාහන මධ්‍යස්ථානයේ සේවකයා ද තමාට ලිංගික හිරිහැර කළ බවට ද ඇය පවසා තිබෙනවා.

ඒ, අනුවයි සැකකාර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය සහ එහි සේවකයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?