දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවා නම් නැවත වතාවක් වයඹ පළාත් මහ ඇමැති අපෙක්ෂකයා විදිහට ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ තමන් පෙර අවස්තාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන අවස්තාවේදී විශාල ජනමතයක් නිර්මාණය කළා පමණක් නොව විශාල වැඩකොටසක්ද කළ බවයි. නැවත වතාවක් එදා තමන් සමග කටයුතු කළ මැති ඇමැතිවරුන් එක් කරගෙන නිවැරදි ලෙසත් ශක්තිමත් ලෙසත් ඉදිරියට යා හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

පාර්ලිමේන්තුවෙන් ඉවත වී පළාත් සභාවට ඉදිරිපත් වන ලෙස පක්ෂයෙන් ඉල්ලීමක් කළහොත් තමන් ඊට සූදානම් බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?