දයාසිරිගේ පුතාව කොල්ල කෑ ‘රොක්සි වත්තේ රංජි’ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකරව පසුගියදා කොල්ලකෑ කොල්ලකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘රොක්සි වත්තේ රංජි’ නැමැති මෙම සැකකරු දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරු විසින් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගෙන් කොල්ලකන ලද සුදු රත්තරන් මාලය ද සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය 03 වනදා කවීන් ජයසේකර සිය පෙම්වතිය සමඟ බම්බලපිටිය, ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල මෝටර් රථය නවතා කතාබස් කරමින් සිටිය දී සැකකරු පාපැදියකින් මෝටර් රථය අසලට පැමිණ මුදල් ඉල්ලා තීබුණා.

එහිදී මුදල් නොමැති බව පවසමින් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මෝටර් රථයට නැඟ ඇති අතර, එම අවස්ථාවේ උල් පිහියක් ද රැගෙන මෝටර් රථය අසළට පැමිණි සැකකරු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට තර්ජනය කර මුදල් රුපියල් තුන් දහසක් සහ සුදු රත්තරන් මාලයක් ද කොල්ල කා පළාගිය බවටයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
52
+1
5
+1
2
+1
8
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !