දඹුල්ල ප්‍රාදේශීය සභාව මාලිමාවට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සභාවක් පිහිටුවීමට බහුතර බලයක් හිමි නොවූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය අද (16) සමත් වුණා.

මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සභාවේ ආසන 27න් ආණ්ඩු පක්ෂයට ආසන 13ක් ද සෙසු පක්ෂ සඳහා ආසන 14ක් ද දිනා ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අද දිනයේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව වෙත සභාපතිවරයෙකු තෝරා ගන්නා ඡන්ද විමසීම පැවැත්වුණා.

සභාවෙන් නම් කෙරුණු තිදෙනෙකු සඳහා වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බහුතර යෝජනාව අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්තුමියට සිදු වුණා.

ඉන්පසු පැවති රහස් ඡන්දයේ දී ඡන්ද 27න් ඩබ්ලිව්.එම් තිලකරත්න මහතා ඡන්ද 15ක් ලබා ගනිමින් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්කෙරුණා.

සභාවේ උප සභාපතිවරයා ලෙස නිතරගයෙන් ප්‍රදීප් වසන්ත මහතා පත් වූ අතර දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෝමතිලක මහතා ඡන්ද 06ක් සහ සුසිල් මහතා ඡන්ද 5ක් ද ලබා ගැනුණ අතර එක් ඡන්දයක් ප්‍රතික්ෂේපිත වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?