AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ල ජයන්ට්ස් පිළට ජොස් ලිට්ල් අහිමිවෙයි

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු ‍යවන ක්‍රීඩක ජොස් ලිට්ල් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ජොස් ලිට්ල් අද (20) අලුයම මෙලෙස දිවයිනෙන් පිටව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

අයර්ලන්ත ජාතික ජොස් ලිට්ල් ඇමරිකාව සමඟ ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා කැඳවා තිබීම හේතුවෙනුයි ඔහු මෙලෙස LPL තරගාවලියෙන් ඉවත්ව ගොස් ඇත්තේ.

අයර්ලන්ත කණ්ඩායම ඇමෙරිකාවට පැමිණීමෙන් අනතුරුව අයර්ලන්ත ක්‍රිඩකයින් සිව්දෙනෙක් හා සහාය කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණා.

ඒ අනුවයි ජොස් ලිට්ල් අයර්ලන්ත ජාතික කණ්ඩායමට කැදවීමට පියවර ගත්තේ.

22 හැවිරිදි අයර්ලන්ත ජාතික ජොස් ලිට්ල් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 03 ක් ක්‍රීඩා කළා.

මේ අතර LPL තරගවලියේ අවසන් වටයේ තුන්වන තරගය ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර හෙට (21) පැවැත්වෙනවා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 23 වනදා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?