දඹුල්ලේ උසස්පෙළ සිසුවියගේ අභිරහස් මරණයට හේතුව හෙළිවෙයි

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදීමට සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි සිසුවියක් සිය කාමරය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (10) උදෑසන සොයා ගැනුණා.

මෙම සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

මියගිය සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ (10) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි වයස අවුරුදු 19ක සිසුවියක්.

පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු ඇය ඊයේ (10) උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.

එහිදී ඇය සිය කාමරය තුළ සිහිසුන්ව සිටිය දී සොයාගෙන ඇති අතර, අනතුරුව වහාම ඹුල්ල මූලික රෝහල වෙත ඇයව රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඇය රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
41
+1
10
+1
12
+1
131
+1
13
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?