දමිළ මුස්ලිම් පක්ශ අද විශේෂ සාකච්ඡාවක….

ශ්‍රී ලංකාවේ සියලූ ජාතින් සමග එකම රටක පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අවශ්‍යය වන දේශපාලන වාතාවරණය ඇතිකිරීමේ අරමුණින් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ අද කොළඹදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීවීමට නියමිතයි.

මෙම සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාව යාපනයේදී පැවැත්වුණා.

මේ අතර මෙරට දමිළ ජනතාව මුහුණ දෙන ඇතැම් ගැටලූ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාජයද දැනුවත් කිරීමේ අරමුණින් අද දිනයේදී යෝජනා මාලාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?