AFC Banner
AFC Banner
Empty Ad

දමිතාගේ වාහනයක් ගැන වන තීන්දුවක් දෙසැම්බර් 11 වැනිදා

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහමහත්මිය දැනුම්දුන්නා.

මහේස්ත්‍රාත්වරිය ඒ බව ප්‍රකාශ කළේ අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී‍යි.

අදාළ වාහනයට තවත් පාර්ශ්වයක් හිමිකම් කියන බව සඳහන් කරමින් දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් එම නඩුව පවරනු ලැබුවා.

එම වාහනයට හිමිකම් කියන පැමිණිල්ල සහ විත්තිය විසින් ඊට අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළ බව දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?