දම්වැලකින් බැඳ මාස 06ක් මව විසින් සිරකරගෙන සිටි අවුරුදු 17ක ළමයෙක් මුදාගෙන

මව විසින් දම්වැලකින් බැඳ මාස 06කට ආසන්න කාලයක් කාමරයක සිරකරගෙන සිටි බව කියන 17 හැවිරිදි පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (08) වාර්තා කර තිබෙනවා.

ගුජරාටයේ, බනස්කාන්ත හි ඩීසා ප්‍රදේශයේ නිවසක් තුළ මෙම ළමයා මෙලෙස සිරකරගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිසිය සහ ළමා සුභසාධන කමිටුවටක් විසින් ඔහුව ඉන් මුදා ගැනීමට පසුගිය 03 වනදා කටයුතු කර තිබෙනවා.

කොටස් වෙළඳපොලවල ආයෝජනය කිරීමට පුරුදුව සිටි මෙම දරුවාගේ පියා ඉන් විශාල වශයෙන් පාඩු විඳීමට සිදුවීමත් සමඟ
පසුගිය වසරේ ජුනි මාසයේ දී පිට පළාතක රැකියාවක් සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එදින සිට මේ දක්වා ඔහු යළිත් නිවස පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සැමියාගේ අතුරුදහන්වීමෙන් පසු කාන්තාව අනාරක්ෂිත වූ අතර, ඇය තම පුතාට නිවසින් පිටව යාමට ඉඩ ලබා දී නොමැති බව සඳහන්.

සැමියාගේ අතුරුදන්වීමත් සමඟ ඇය මානසික ව්‍යාකූලතාවයකින් පෙළීම නිසා මෙලෙස සිය පුත්‍රයා නිවස තුළ මාස 06කට ආසන්න කාලයක් සිරකරගෙන සිට ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිමි ළමයා පසුගිය වසරේ ජුලි මාසයේ සිට පාසලට ගොස් හෝ ඔහුගේ මිතුරන් හමුවීමට ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

ළමයා දම්වැල්වලින් මුදාගැනීමට පොලිසිය විසින් මවගෙන් එහි යතුරු ඉල්ලා ඇති අතර, එම අවස්ථාවේ දී ඇය යතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හේතුවෙන් දම්වැලේ අඟුලු කඩාදමා ඉන් ළමයාව මුදාගෙන පලන්පූර් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක් වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මව ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, නිවස තුළ සිදුව ඇති සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ විවාහක දියණියන් දෙදෙනාව දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන තුරු මවගේ නිවස තුළ සිය සහෝදරයා මේ ආකාරයෙන් සිරකරගෙන සිටින බවට තමන් නොදැන සිටි බවයි දියණියන් දෙදෙනා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29