දන්සලේ ආරවුල දුරදිග ගොස් අයෙක් මරුට

දන්සලක් අසල ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (03) සවස ඇහැළියගොඩ පන්නිල ප්‍රදේශයේ දන්සලක් අසලදීයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ රෝහල් පොලිසිය මගින් ලබාදුන් පණිවුඩයකට අනුව ඇහැලියගොඩ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ පන්නිල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

එම තරුණයාගේ ඥාතීන් ඊයේ දිනයට යෙදී තිබූ පොසොන් පොහොය දිනය වෙනුවෙන් සුප් දන්සලක් ලබාදීමට සූදානම් කර තිබෙනවා.

එම ස්ථානයට පැමිණි මෙම තරුණයා ඔහුගේ පසුම්බියේ තිබූ මුදල් නොමැති බවට ප්‍රකාශ කරමින් ආරවුලක් ඇති කරගෙන ඇති බවටයි පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා.

මියගිය තරුණයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවට ද දැනට සිදු කර ඇති විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
16
+1
18
+1
6
+1
30
+1
13
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?