දන්සලේ ආරවුල දුරදිග ගොස් අයෙක් මරුට

දන්සලක් අසල ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (03) සවස ඇහැළියගොඩ පන්නිල ප්‍රදේශයේ දන්සලක් අසලදීයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ රෝහල් පොලිසිය මගින් ලබාදුන් පණිවුඩයකට අනුව ඇහැලියගොඩ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ පන්නිල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

එම තරුණයාගේ ඥාතීන් ඊයේ දිනයට යෙදී තිබූ පොසොන් පොහොය දිනය වෙනුවෙන් සුප් දන්සලක් ලබාදීමට සූදානම් කර තිබෙනවා.

එම ස්ථානයට පැමිණි මෙම තරුණයා ඔහුගේ පසුම්බියේ තිබූ මුදල් නොමැති බවට ප්‍රකාශ කරමින් ආරවුලක් ඇති කරගෙන ඇති බවටයි පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා.

මියගිය තරුණයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවට ද දැනට සිදු කර ඇති විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03