දණ්ඩ නිති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සහ ඊට අදාළව ගොනු කළ අතරමැදි පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි අධිකරණය මේ බව නිවේදනය කළේ.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

ඊයේ දින ආරම්භ වූ අදාළ පෙත්සම් විභාගය අද අවසන් කෙරුණු අතර පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ලබන 24 වැනිදා හෝ ඊට පෙර ගොනු කරණ ලෙස අධිකරණය පාර්ශවකරුවන්ට නියම කර තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර් වරයකු වන ඒ. අතුල එච්. ද සිල්වා, දේශපාලන විශ්ලේෂිකාවක වන ෂෙනාලී ඩී.වඩුගේ සහ සමාජ ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් යන තිදෙනා විසිනුයි මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ප්‍රතිපාදනවලින් සමලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ වැරදි අපරාධමය නොවන වැරදි වශයෙන් අර්ථකථනය කිරීම සිදුකර ඇති බවයි.

මෙම තත්ත්වය තුළින් කාන්තා හා ළමා අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වන අතර රටේ ආගමික විශ්වාස, සදාචාරය සංස්කෘතියට පටහැනි බවත් එම පෙත්සම්වල සඳහන් කර තිබෙනවා.

එබැවින් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

නමුත් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඒ.බී.භුමි හරේන්, ආචාර්ය වී. චන්ද්‍රසේකරන්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, ඇතුළු පිරිසක් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22