දඩල්ලේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හමුවෙයි (වීඩියෝ)

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිටි පිය පුතු දෙපළකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගිය සැකකරුවන් පැමිණි මෝටර් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී හෙළිවූ තොරතුරු අනුවයි අදාළ මෝටර් රථය හබරාදූව බෝගහගොඩ ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මාර්ගය අසල සිටි මෙම පිය පුතු දෙදෙනා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ අද දහවල් 1.40ට පමණයි. කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ දෙදෙනා පිය පුතු දෙපළක් වන අතර හෝටලයේ නතරවී සිටි කිසියම් සංචාරකයකු මුණගැසීමට ඔවුන් හෝටලයට පැමිණ නැවත පිටව යාමේ දී මෝටර් රථයකින් පැමිණි අයකු මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔවුන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15