spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඩල්ලේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හමුවෙයි (වීඩියෝ)

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිටි පිය පුතු දෙපළකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගිය සැකකරුවන් පැමිණි මෝටර් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී හෙළිවූ තොරතුරු අනුවයි අදාළ මෝටර් රථය හබරාදූව බෝගහගොඩ ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මාර්ගය අසල සිටි මෙම පිය පුතු දෙදෙනා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ අද දහවල් 1.40ට පමණයි. කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ දෙදෙනා පිය පුතු දෙපළක් වන අතර හෝටලයේ නතරවී සිටි කිසියම් සංචාරකයකු මුණගැසීමට ඔවුන් හෝටලයට පැමිණ නැවත පිටව යාමේ දී මෝටර් රථයකින් පැමිණි අයකු මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔවුන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?