AFC Banner
AFC Banner
Empty Ad

දකුණේ ATM යන්ත්‍රවලින් කෝටි ගණනක් ඉස්සූ විදේශිකයින් ඇතුළු පිරිස අල්ලයි

දකුණු පළාතේ ප්‍රදේශ තුනක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින විදේශිකයින් දෙදෙනා කැනේඩියානු සහ බල්ගේරියානු ජාතිකයින් බවයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙම සැකකරුවන් කොළඹ සහ කටුනායක ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කරාපිටිය, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඔවුන් මෙම සොරකම් සිදුකර තිබෙනවා.

එහිදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙලෙස සොරාගෙන තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?