දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි ආණ්ඩුවක් පළමුවතාවට ගොඩනැගී තිබෙනවා – ජනපති

එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්, මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින්.

සමාජයක් ලෙස සිය වගකීම ඉටු කරමින් මහා ආරක්ෂක වළල්ලක් ලෙස එක්ව ඒ වෙනුවෙන් කැප වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට ආරාධනා කළා.

වැටලීම් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන් උතුරු පළාතේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ අද දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි විශ්වාසනීය ආණ්ඩුවක් පළමු වතාවට රට තුළ ගොඩනැගී තිබෙන බවයි.

බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා, කුඩා තැන්වල යළි ජාතිවාදය ඇවිළවීමේ උත්සාහයක නිරත වුවද, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි රට තුළ හිස එසවීමට ඉඩ නොදෙන බවද පෙන්වා දුන්නා.

උතුරු පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, කේ. ඉලංකුමරන්, ෂන්මුගනාදන් භවනන්දරාජා යන පිරිස ඇතුළු මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යාපනයේ ආඥාපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර, උතුරු පළාත් නාවික හමුදා ආඥාපති රියර්අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04