දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි ආණ්ඩුවක් පළමුවතාවට ගොඩනැගී තිබෙනවා – ජනපති

එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්, මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින්.

සමාජයක් ලෙස සිය වගකීම ඉටු කරමින් මහා ආරක්ෂක වළල්ලක් ලෙස එක්ව ඒ වෙනුවෙන් කැප වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට ආරාධනා කළා.

වැටලීම් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන් උතුරු පළාතේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ අද දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි විශ්වාසනීය ආණ්ඩුවක් පළමු වතාවට රට තුළ ගොඩනැගී තිබෙන බවයි.

බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා, කුඩා තැන්වල යළි ජාතිවාදය ඇවිළවීමේ උත්සාහයක නිරත වුවද, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි රට තුළ හිස එසවීමට ඉඩ නොදෙන බවද පෙන්වා දුන්නා.

උතුරු පළාතේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, කේ. ඉලංකුමරන්, ෂන්මුගනාදන් භවනන්දරාජා යන පිරිස ඇතුළු මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යාපනයේ ආඥාපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර, උතුරු පළාත් නාවික හමුදා ආඥාපති රියර්අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?