AFC Banner
Empty Ad
Empty Ad

දකුණු මුහුදේදී ගිනි ගත් යාත්‍රාවේ සිටි ධීවරයන් ගාල්ලට

දකුණු මුහුදේ දී ගිනි ගැනීමකින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58ක් පමණ (කිලෝ මීටර් 107ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී යි මෙම යාත්‍රාව ගිනි ගැනීමට ලක්ව තිබුණේ.

නාවික හමුදාව සිදු කළ විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, බේරා ගත් ධීවරයින් ගජබාහු නෞකාව මඟින් අද ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

‘රුහුණු කුමාරි 6’ නමැති බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ පසුගිය 08 වනදායි.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව ගිනි ගැනීමට ලක් වී ඇති අතර එම ගිනිගැනීම නිරීක්ෂණය කල ‘MT SAIQ’ නමැති වෙළඳ නෞකාව විසිනුයි ආපදාව සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇත්තේ.

එම දැනුම්දීමට වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගජබාහු නෞකාව කඩිනමින් ගිනි ගැනීමට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරනු ලැබුවා.

ගජබාහු නෞකාව පැමිණෙන තෙක් ආපදාවට පත් යාත්‍රාවේ සිටින ධීවරයින් මුදවාගැනීම සඳහා ‘MV AFRICAN TURACO’ නැමති වෙළඳ නෞකාව යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව, එම වෙළඳ නෞකාව මඟින් මුදවා ගත් ධීවරයින් ගජබාහු නෞකාව වෙත රැගෙන අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?