දකුණු මුහුදේදී ගිනි ගත් යාත්‍රාවේ සිටි ධීවරයන් ගාල්ලට

දකුණු මුහුදේ දී ගිනි ගැනීමකින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58ක් පමණ (කිලෝ මීටර් 107ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී යි මෙම යාත්‍රාව ගිනි ගැනීමට ලක්ව තිබුණේ.

නාවික හමුදාව සිදු කළ විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, බේරා ගත් ධීවරයින් ගජබාහු නෞකාව මඟින් අද ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

‘රුහුණු කුමාරි 6’ නමැති බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ පසුගිය 08 වනදායි.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව ගිනි ගැනීමට ලක් වී ඇති අතර එම ගිනිගැනීම නිරීක්ෂණය කල ‘MT SAIQ’ නමැති වෙළඳ නෞකාව විසිනුයි ආපදාව සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇත්තේ.

එම දැනුම්දීමට වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගජබාහු නෞකාව කඩිනමින් ගිනි ගැනීමට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරනු ලැබුවා.

ගජබාහු නෞකාව පැමිණෙන තෙක් ආපදාවට පත් යාත්‍රාවේ සිටින ධීවරයින් මුදවාගැනීම සඳහා ‘MV AFRICAN TURACO’ නැමති වෙළඳ නෞකාව යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව, එම වෙළඳ නෞකාව මඟින් මුදවා ගත් ධීවරයින් ගජබාහු නෞකාව වෙත රැගෙන අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49