දකුණු පළාතේත් වාහන ආදායම් බලපත් නිකුත් කිරීම දින දෙකක දී නවතී

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ, අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වාදීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් 02 වන දින එම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුවන්නේ නැහැ.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මීට අමතරව මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඔක්තෝබර් මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

හෙට (27) )දිනයේ සිට ඔක්තෝබර් 06 දක්වා කාලය තුළ කල්ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උතරු මැද පළාතේ ද ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේ දී වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නවතා දමන බව මිට පෙර දැනුම් දුන්නා.

එමෙන්ම බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (25) දැනුම් දුන්නා.

ඒ, අනුව එළඹෙන 27 වනදා සහ ඔක්තෝබර් 02 වනදා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?