දකුණු පළාතේත් වාහන ආදායම් බලපත් නිකුත් කිරීම දින දෙකක දී නවතී

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ, අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වාදීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් 02 වන දින එම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුවන්නේ නැහැ.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මීට අමතරව මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඔක්තෝබර් මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

හෙට (27) )දිනයේ සිට ඔක්තෝබර් 06 දක්වා කාලය තුළ කල්ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උතරු මැද පළාතේ ද ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේ දී වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නවතා දමන බව මිට පෙර දැනුම් දුන්නා.

එමෙන්ම බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (25) දැනුම් දුන්නා.

ඒ, අනුව එළඹෙන 27 වනදා සහ ඔක්තෝබර් 02 වනදා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08