දකුණු පළාත් සභාවේ පුටු ගණුදෙනුවක් නිසා චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට

2019 වර්ෂයේ දකුණු පළාත් සභාව විසින් පුටු මිලදී ගැනීමක් පිළිබඳව කෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති අද (25) අල්ලස් කොමිසම වෙත පැමිණියා.

පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගියා.

ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එවකට දකුණු පළාත් සභාවේ සිදුව ඇති ප්‍රසම්පාදන කටයුත්තක් සඳහා දකුණු පළාත් සභාවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට කැඳවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?