AFC Banner
Empty Ad

දකුණු පළාතට පමණක් හෙට විදුලි කප්පාදුවක්

හෙට (21) දිනයේ දකුණු පළාතට පමණක් පැයක හෝ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිත හා මුදල් සොයා ගැනීම හේතුවෙන් හෙට (21) දිනයේ සෙසු ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය.

මීට පෙර හෙට දිනයේ පැය 4කට වඩා වැඩි විදුලි කප්පාදුවක් සිදුකළ යුතු බවට වාර්තා වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?