AFC Banner
Empty Ad
Empty Ad

දකුණු චීන මුහුදේ චීන – පිලිපීන යාත්‍රා දෙකක් ගැටේ

තම වෙරළාරක්ෂක යාත්‍රාවකට බටහිර පිලිපීන මුහුදේ දී චීන වෙරළාරක්ෂක නෞකා විසින් පහර දුන් බව පිලිපීනය සඳුදා ප්‍රකාශ කරනවා.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා පවසන පරිදි මතභේදයට තුඩු දී ඇති සබීනා ෂෝල් හි දී මෙම ගැටුම ඇති ව තිබෙනවා.

පිලිපීන නැව් ලවාක් සහ පැටග් දූපත් වෙත සැපයුම් ලබා දීම සඳහා ගමන් කරමින් සිටි බව නිලධාරියා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, චීනය පැවසුවේ පිලිපීන වෙරළාරක්ෂක නෞකාව චීනයේ පැත්තෙන් දිගින් දිගටම කළ අනතුරු ඇඟවීම් නොසලකා හරින ලද අතර නාවික බලාත්මක කිරීමේ රාජකාරියේ යෙදී සිටි චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් දෙසට හිතාමතාම අනතුරුදායක ලෙස යාත්‍රා කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?